“දියමත විශේෂ මෙහෙයුමි බලඝනය” වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීම මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදු කෙරුණා.
මෙහි ආරම්භක පියවරක් ලෙසින් “Jet Ski” ලෙසින් හැඳින්වෙන කුඩා අධිවේගි යාත්‍රා සහ අධිවේගී මෝටර් බෝට්ටු හැසිරවීමේ මනා පුහුණුවක් ලද විශේෂ කාර්ය බලකා භටයන් 16 දෙනෙකු මෙම බලඝනය වෙත එක්කිරීම ඊයේ සිදුවුණා.
මෙහි විශේෂත්වය වූයේ මෙම උත්සවයට සහභාගී වූ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මුව ආවරණයක් නොපැළඳ මෙම උත්සව අවස්ථාවට සහභාගි වීමයි. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබදව නීති දැඩිව ක්‍රියාත්මකවන මෙවැනි අවස්තාවක මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය වරයාගේ මෙම ක්‍රියාව අනුමත කළ හැකිද ?