ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකලා.
මෙම පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් මැයි මස 24 සිට 26 දක්වා දිනවලදී දිවයින හරහා හමන සුලන් තත්වය පැයට කි.මි. (40-50) දක්වා වැඩිවීමක් බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේඞ් සුළගේ වේගය විටින් විට පැ.කි.මි. (50-55) දක්වා වැඩි විය හැකිබවද නිවේදනය කරනවා.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල එනම් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට හෙට දිනයේ මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන අතර 25 සහ 26 යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු ඉතා තද වැසි අපෙක්ෂා කෙරෙන බව බව සඳහන් ය.
වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව ද සඳහන් කරනවා.






