ඊයේ දිනය තුළ කොවිඩ් - 19 ආසාදිතයින් 2,377 දෙනෙකු මෙරටදී හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් 2,325 දෙනෙකු ඒ අතරට අයත්ය.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණ නිරෝධායනට ලක් වෙමින් සිටි පුද්ගලයින් 52ක් සිට තිබේ.
ඊයේ දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබු අතර එම සංඛ්‍යාව 573කි.
ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 51කි.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 530ක්, මහනුවර 257ක්, ත්‍රිකුණාමලය 151ක්, රත්නපුර 129ක්, කළුතර 128ක් ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇත.
ක්‍රමානුකූලව පසුගිය දින 05 ක කාලය තුළ මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය 22 වන දින සිට ආසාදිතයින් වාර්තාවීම 3,000 සේ සීමාවේ සිට පහත බැස තිබූ අතර ඊයේ දිනයේ එය 2500 යේ සීමාව දක්වා ද පහත බැස තිබේ.
මේ අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 172,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එම සංඛ්‍යාව 172, 277කි.
මේ වනවිට රෝහල්වලින් පිටවගොස් ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 142,378කි.
කෙසේවෙතත් තවදුරටත් රෝගීන් 28,601 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.




