මහ කන්නයට කාබනික පොහොර හිඟ නම් ආනයනය කරන්න - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

 මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් ාරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 


නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර තිබේ. 


ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, එය යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවයි.


ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවිය යුතුය. 


නිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 


කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.


මෙහිදි අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා,



එහිදී පොහොර නිෂ්පාදකයෝ පවසා ඇත්තේ, කන්න කිහිපයක් ඇතුළත කෘෂි කර්මාන්තයට අවශ්‍ය සමස්ත කාබනික පොහොර ප්‍රමාණය මෙරටදීම නිෂ්පාදනය කළ හැකි බවයි.



රසායනික පොහොර ගෙන්වීමට වාර්ෂිකව රජය විශාල මුදලක් වැයකරන අතර එම මුදල කාබනික පොහොර නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා යෙදවිය හැකි බව ජනාධිපතිවරයා පෙන් දි තිබෙනවා.


කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පියවර රැසක්ගෙන ඇති අතර ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අඩු පොලියට ණය පහසුකම් සැපයීමට රාජ්‍ය බැංකු ඉදිරිපත්ව සිටින බවද මෙහිදී අනාවරණය වී ඇත.


කාබනික පොහොර භාවිතය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ. 


මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ශෂින්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා


දිවයිනේ සියලු ප්‍රදේශවල නිෂ්පාදනය කරන කාබනික පොහොර, ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මිලදී ගැනීමටත්, වී ඇතුලු වෙනත් භෝගවලට අනුව පොහොර බෙදාදීමට අවශ්‍ය යාන්ත්‍රණයත් සකසා අවසන් බව විෂයභාර අමාත්‍යවරු පෙන්වා දී තිබේ. 


ඒ අනුව මහ කන්නයට පෙර, ග්‍රාමීය මට්ටමින් පස පරීක්ෂා කර යෙදියයුතු පොහොර ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාගන්නැයි ජනාධිපතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.








Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මහ කන්නයට කාබනික පොහොර හිඟ නම් ආනයනය කරන්න - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහ කන්නයට කාබනික පොහොර හිඟ නම් ආනයනය කරන්න - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
https://i.ytimg.com/vi/khnLQQ9yzpw/hqdefault.jpg
https://i.ytimg.com/vi/khnLQQ9yzpw/default.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/05/27-organic-fertilizer-HE%20.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/05/27-organic-fertilizer-HE%20.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content