Header Ads

උණුසුම් පුවත්

ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට


මාන්කුලම් සහ තිරප්පනේ යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ (27) ගිනි අවි සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මාන්කුලම් පොලිස් වසමේ නට්ටකන්ඩාලේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45 ක් වයසැති පුද්ගලයෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.එමෙන් ම තිරප්පනේ පොලිස් වසමේ ගල්වඩුවාගම පදිංචි අවුරුදු 38 ක් වයසැති අයෙක් මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 02 ක් සමඟ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම සැකකරුවන් දෙදෙනාම අද දිනයේ දී (28) මුලතිව් සහ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.