Header Ads

උණුසුම් පුවත්

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්


වයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්  නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ද මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැ.කි.මී 40-50 පමණ වන අතර බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩි විය හැකි බව සදහන්.

එසේ ම මෙම ප්‍රදේශ මුහුද විටින් විට ඉතා රළු ස්වභාවයක් ගැනීමට ද හැකියාව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා..