Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා කාලය තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බලපත්‍රලාභී වෙළඳසැල්වලට දැඩි පියවර


සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල බලපත්‍ර ලබාගෙන විවෘත කර, අධික මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා. 

ඔහු මේ බව කියා සිටියේ වෙළඳසැල් වල භාණ්ඩ මිල ගණන් පිළිබදව පරීක්ෂාවකට එක්වෙමින්. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල එක් එක් ග්‍රාමසේවා වසමක් තුළ වෙළඳසැල් 2 බැගින් විවෘත කිරීම සදහා මේ වනවිට අවසර ලබා දී තිබෙනවා. 

එලෙස විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඒ ඒ ග්‍රාම සේවා වසම තුළ තෝරාගත් වෙළඳසැල් 2 ක් සදහා පමණයි.

පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් එලෙස එක් ග්‍රාමසේවා වසමක් තුල කොන්දේසිවලට යටත්ව වෙළඳසැල් 2ක් පමණක් විවෘත කිරීමට අවසර ලබා දුන් බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ.