Header Ads

උණුසුම් පුවත්

අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන්ට රාජකාරි ලිපියක් අනිවාර්යයි


සංචරණ සීමා පවතින කාලය තුළ  විවෘත කළ හැක්කේ ඖෂධ අලෙවි සැල් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන කාලය තුළ එන්නත් ලබා ගන්නා පුද්ගලයන් සඳහා සංචාරණ සීමා බාධාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ජාතික  හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳ වූ බවට ලිපිය ද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.