Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට


ඊයේ (28) දිනයේදී නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්  තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එමෙන්ම නිරෝධායන නීතිය ආරම්භ කළ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 16,386ක් අත්අඩංගුවට ගෙනඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.