Header Ads

උණුසුම් පුවත්

අද කාලගුණය


සබරගමුව පළාත, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල මි.මී.30 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වීමට ඉඩ ඇති අතර ඌව පළාත, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

දිවයින හරහා සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි අතර මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශ වලත් වයඹ පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මි.50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි හෝ තද සුළංවලින් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.