Header Ads

උණුසුම් පුවත්

සිනොවැක් එන්නත ගැන වැඩිදුර දත්ත ඉදිරිපත් කරන්න - ලෝක සෞඛ්‍ය සංවිධානය


චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුර දත්ත ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, අදාළ එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.  කොවැක්ස් පහසුකම යටතේ අඩු ආදායම්ලාභී රටවලට සහයවීමට සිනොවැක් එන්නත ලබාදීමට හදිසි භාවිතය සඳහා වන අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණා. 

කෙසේ වෙතත්, අදාළ එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූල දැයි තහවුරු කර ගැනීමට වැඩිදුර දත්ත අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිනොවැක් සමාගමට දැනුම් දී තිබෙනවා.