අප්‍රේල් 21දා එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි . අඩුපාඩු පැවති විමර්ශන ලිපිගොනුවලින් 75 % ක් පමණ සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවට නැවත යවා ඇතැයි කී ඇමැතිවරයා 25% ලැබුණු පසු නඩු පැවරීම් කටයුතු සූදානම් කෙරෙනු ඇතැයිද සඳහන් කරයි.
තවද මෙම කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් 54 දෙනෙකු තමා විසින් පත් පත් කළ බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි. දැනට මේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තිස් දෙදෙනෙකුට අදාළව නඩු නවයක් පවරා ඇති බව වාර්තා වේ.