Header Ads

උණුසුම් පුවත්

නෞකාවෙන් සිදු වූ හානිය සදහා අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වනවා


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂකවරිය පවසනවා.

නෞකා අනතුරෙන් ශ්‍රීලංකා රජයට සහ වෙරළබඩ පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීමට විශාල කාලයක් ගතවන බැවින් එතෙක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් අන්තර් වන්දි මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සභාපතිනි දර්ශනී ලඳහපුර මහත්මිය පවසනවා.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් එතුමිය පැවසුවේ " මෙයට හේතුව කිසිවකුගේ හෝ නොසැළිකිලමත් වීමක් දැයි සොයන්න සමස්ථ කරුණු විශ්ලේෂණය කළ යුතුයි. වරාය පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනි.