Header Ads

උණුසුම් පුවත්

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 06 තෙක් නවතියි


බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ජුනි මස 06 වන දා දක්වා අත්හිටුවා තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේදී ජුනි මස 30 වන දා දක්වා දඩ මුදල් අය නොකරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා
එසේ වුවද www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ක්‍රමය යටතේ ආදායම් බලපත්‍ර ලබා ගත හැකිය.