අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලීෂ්මනේසිස් නැමැති චර්ම රෝගය වැළඳුණු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසනවා.
පසුගිය වසර තුළ පමණක් මෙම චර්ම රෝගය වැළඳුනු පුද්ගලයින් 3200කට ආසන්න පිරිසක් වාර්තා වී තිබෙනවා. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ චර්මගත ලීෂ්මනේසිස් රෝගයෙන් ඔබ්බට ගොස් එය ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට පවා හානි කරන මාරාන්තික තත්ත්වයන් ඇති කරන රෝගී තත්ත්වයක් බවයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලද මෙම රෝගය ව්‍යාප්තව පවතින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.