යුරෝපා සංගමයේ ඖෂධ කාර්‍යාංශය (EMA) වයස අවුරුදු 12-15 අතර ළමුන් සඳහා ෆයිසර් බයෝඑන්ටෙක් (BioNTech) එන්නත අනුමත කර තිබෙනවා. මෙම වයස් කාණ්ඩය සඳහා එන්නත අනුමත කළ පළමු රටවල් කාණ්ඩය ලෙස යුරෝපීය සංගමය වාර්තා වේ.
යුරෝපා ඖෂධ කාර්‍යාංශයේ එන්නත් ක්‍රමෝපාය පිළිබඳ ප්‍රධානි මාකෝ කැවාලරි මහතා පැවසුවේ වයස අවුරුදු 12-15 අතර වයස් කාණ්ඩයට පළමු එන්නත් මාත්‍රාවෙන් අවම සති 3ක් ඇතුළත දෙවන මාත්‍රාවද ලබා දිය යුතු බවයි.
එක්සත් ජනපදය හා කැනඩාව ද මෙම මස මුල සිට නව යොවුන් දරුවන් සඳහා ෆයිසර් එන්නත අනුමත කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියා සිටියේ යුරෝපයේ එන්නත් ලබා ගැනීම වේගවත් කළ යුතු බවයි. එහි අධ්‍යක්ෂ හාන්ස් ක්ලූ අනතුරු ඇඟවූයේ අවම වශයෙන් ජනග්‍රහනයෙන් 70% කට එන්නත ලබා දෙන තුරු වසංගතය අවසන් නොවන බවයි.