2021.05.28 වන දින ග්‍රෑන්ඩ්පාස් සහ බොරැල්ල යන ප්‍රදේශවලින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් එක් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කජිමාවත්තේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 645 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වයස අවුරුදු 46 ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සැකකරු අද දින මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
අනෙක් සැකකරු බොරැල්ල පොලිස් වසමේ රුහුණුකලා මාවතේදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු වයස අවුරුදු 24 ක් වූ කොටාපාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ද අද දින මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇත.