Header Ads

උණුසුම් පුවත්

ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට අදාළව ICC න් නව නීති


පළමු වරට පැවැත්වෙන ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ නීතී සහ රෙගුලාසි කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (28) නිකුත් කළේය.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගය වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටී.

ඒ, ප්‍රසාද ලකුණු අනුවයි.

ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය ජුනි 18 සිට ජුනි 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගය ජය පරාජයෙන් තොරව නිමා වුවහොත් කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙස පිළිගන්නා බව ICC  නිවේදනය කර තිබෙනවා.

අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ඒ වෙනුවෙන් තවත් දිනයක් ලබාදෙන බවද නිවේදනය එම නිවේදනයේ සදහන්.