Header Ads

උණුසුම් පුවත්

අද සිට දින තුනක් ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි



මේ වනවිට පනවා ඇති සංචරණසීමා  සමග ජනතාව වෙත හිගයකින් තොරව භාණ්ඩ බෙදාහැරීම සදහා සිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීමට අද (29) සිට දින තුනක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතව තිබේ.

සංචරණ සීමා තහනම අඛණ්ඩව ක්‍රියාත්මක වේ යැයි බියෙන් ජනතාව භාණ්ඩ එක්රැස් කරගෙන තබා ගැනීම හේතුවෙන් ජංගම වෙළඳුන්ට ආදායම් නොමැති වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.

එසේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම බේකරි නිෂ්පාදන ආයතන, ජංගම අලෙවි සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවද මෙම රැස්වීමට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත.

සිල්ලර වෙළෙඳසල් හිමියන් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට එම දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙලද සල් විවෘතව තබන බව ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.