Header Ads

උණුසුම් පුවත්

මහනුවර පොලිස් මූලස්ථානයේ නිළධාරින් 60 දෙනෙකුට කොරෝනා


මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිළධාරින් 60 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇත.

සිදු කළ පී සී ආර් පරීක්ෂණවලින් පසු මෙම නිළධාරින් සියලු දෙනා සෞඛ්‍ය අංශ උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවාස සංකීර්ණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මේ වන විට යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසාදිත නිළධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ කියයි.