Header Ads

උණුසුම් පුවත්

අත්‍යවශ්‍ය සේවා ගැසට් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගෙන් අප්‍රසාදය


රාජ්‍ය සේවකයින් තම රාජකාරි සිදුකිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබියදී ඒවා නොසළකා අත්‍යවශ්‍ය සේවා ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය  පළ කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසනවා. නුගේගොඩ ප්‍රදේශයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ධම්මික මුණසිංහ මහතා මේ බව කියා සිටියා.