බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වාදීමට කටයුතු කළා.
කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව සංචරණ සීමා දීර්ඝ කිරීමෙන් පසු ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දේවල් ජංගම රථ මගින් නිවෙස්වෙත ලබාදීමට රජය කටයුතු කිරීමත් සමග සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දිම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහාන පොලිස් වසමේ බේකරි නිශ්පාදන ජංගම වෙළදුන් 33 දෙනකු සදහා ශරීර ආවරණ , මුව ආවරණ , හිස් ආවරණ සහ අත් ආවරණ මෙන්ම ආහාර ඇල්ලිය හැකි විශේෂිත අඬු ද මෙහිදි බෙදා දුන්නේය.
මෙම විශේෂිත ඇදුම් කට්ටල කොළඹ දිස්ත්‍රික්කයේ සියළු පොලිස් වසම්වල ජංගම බේකරි නිශ්පාදන අලෙවිකරුවන් වෙත බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය කියයි.