දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන වෙනුවෙන් රුපියල් කෝටි 3960 ක ( ඇමරිකානු ඩොලර් මිලියන 200) මූල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත.
කාර්‍යක්ෂම හා පරිසර හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමේ රජයේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සහ සියලු අංශයන්හි සමානව සේවා හා යටිතල පහසුකම් සැපයීම මඟින් නාගරික හා ග්‍රාමීය පරතරය පියවීම යන අරමුණු කරා ළඟා වීමට මෙය සහය වෙයි.
මහාමාර්ග අමාත්‍ය්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෙවණ ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා බහු අදියර මූල්‍යන පහසුකම යටතේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය 2017 අගෝස්තු 14 වන දින ගිවිසුමකට එළඹිනි.