Header Ads

උණුසුම් පුවත්

අදත් වැසිවාර කිහිපයක්..


අද (30) දින බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්  වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  දන්වා සිටියි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක් පැවසීය.