පසුගිය දිනක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ විමර්ශනය කර බුද්ධි වාර්තා ලබා දෙන මෙන් පවසා සිටියා. ඔහු ඒ පිළිබඳ අතිරේක පසු විපරමක් ද ඉල්ලා තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය චීන විද්‍යාගාරයකින් පැමිණියේ යැයි සෙවීමට ඇමරිකාව දරන උත්සාහය චීන රජය දැඩිව හෙළා දැක තිබේ.
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය චීන නිළධාරින් කෝපයට පත් කිරීමට සමත් වී තිබේ. චීන විදේශ අමාත්‍යංශ නිළධාරින් චෝදනා කරන්නේ ඇමරිකාව දේශපාලනික එදිරිවාදිකම් මත දොස් පවරන බවත් විද්‍යාත්මක කරුණු හෝ සත්‍යාතාව පිළිබඳ තැකීමක් නොකරන බවත් ය.
ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ වසංගත තත්වය මුවාවෙන් තම රට අපකීර්තියට පත් කිරීමට බවත් විද්‍යාවට අගෞරව කරමින් මිනිසුන්ගේ ජීවිත පිළිබඳ වගකීම් විරහිතව කටයුතු කරන බවත් චීන විදේශ අමාත්‍යංශයේ ලේකම් ෂාඕ ලිජියන් ප්‍රකාශ කරනවා.
චීනය වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජනපද බුද්ධි අංශවලට වැරදි තොරතුරු පැතිරවීමේ අඳුරු ඉතිහාසයක් ඇති බවයි.