KM Karya Indah ( කේ.එම්. කාරියා ඉන්ඩා ) නම් මෙම නෞකාව ඊයේ (29) ඉන්දුනීසියාවේ උතුරු මැලූකු පළාතේ අගනුවර වන ටර්නේට් සිට ඊසාන දිග ඉන්දුනීසියාවේ ලීමෆටෝලා දූපතේ පිහිටි සනනා වරායට ගමන් ආරම්භ කර පැය 15කින් පමණ එම යාත්‍රාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඉන්දුනීසියාවේ සුලා දූපත් ආසන්නයේ ඇති වූ මෙම ගින්නෙන් මගී නෞකාවේ සිටි එක් අයෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර 274 දෙනෙකු බේරාගෙන තිබේ.
ගින්න වේගයෙන් පැතිරී යෑමත් සමග යාත්‍රාවේ සිටි කාර්‍යමන්ඩලය සහ මගීන් ඇතුළු 200 කට අධික පිරිසෙන් සියලු දෙනාටම සාගරයට පැන දිවි ගලවා ගන්නැයි පවසා ඇති අතර ආරක්ෂිත ඇඳුම් ඇඳගත් බොහෝ දෙනා නෞකාවෙන් සාගරයට පැන ඇති බව සදහන් වනවා.
ගින්න ඇතිවීමට හේතුව ඉන්දුනීසියානු නිලධාරීන් විසින් විමර්ශනය කරමින් සිටියද මූලික වාර්තාවල දැක්වෙන්නේ එය එන්ජින් කාමරයෙන් ආරම්භ වූ බවයි.
ගින්න ඇති වූ වහාම අවට තිබූ ධීවර යාත්‍රා නෞකාවේ පිරිසට සහාය දීම සඳහා පැමිණ ඇති බවත් ඉන්දුනීසියානු මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනු ලබනවා.