Header Ads

උණුසුම් පුවත්

අද සිට දිවයින පුරා සියලු සතොස ශාඛා විවෘතයි

 


අද දිනයේ සිට දිවයින පුරා ඇති සියලු සතොස ශාඛා විවෘත ව තබන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා.


1998 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් හෙට (01) සිට සතොස ශාඛා මඟින් භාණ්ඩ ඇණවුම් කිරීමට ජනතාවට අවස්ථා හිමි වේ.


අද දිනයේ සිට කොළඹ ස්ථාන 13 ක යුධ හමුදාවේ ට්‍රක් රථ 13 යොදා ගනිමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට සියලු කටයුතු යොදා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.


විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණ ආසන්නයේ සිටින ජනතාවට මෙම භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමි වන බව වාර්තා වනවා.