Header Ads

උණුසුම් පුවත්

රක්ෂිත ප්‍රදේශයක් එළි කල පරාජිත ඡන්ද අපේක්ෂකයා

 


රටපුරා පනවා ඇති සංචරණ සීමා වාසියට ගනිමින් මැදවච්චිය ප්‍රාදේශීය සභා පරාජිත ඡන්ද අපේක්ෂකයෙකු පෞද්ගලික ගල්වලක් වෙත යාම සඳහා රක්ෂිත ප්‍රදේශයක් එළි කරමින් සිටියදී ඔහුගේ ආධාරකරුවන් සහ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට ගත් බව මැදවච්චිය අඩවි වන නිළධාරි කාර්‍යාලය කියයි.


ඩබ්. එම්. පී. දමිත් නෙවන් නම් ප්‍රාදේශීය සභා පරාජිත අපේක්ෂකයා මීට පෙර වල්පොල පිහිටි රජයේ කැළයට යාබද පෞද්ගලික ගල් වලක් පවත්වාගෙන ‍යාමට අක්‍රමික ලෙස අවසර පත්‍ර ලබාගෙන ඇති බවත් ඒ සඳහා රජයේ උසස් නිළධාරින්ගේ සහය ඔහුට හිමි වූ බව පවසන බවත් ගම්වාසීන් පවසනවා.


මැදවච්චිය කුඩාගම ගම්වාසීන් එක් ව සිදුකළ විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයට පැමිණි සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්ය බලකාය, මැදවච්චිය අඩවි වන නිළධාරින් සහ මැදවච්චිය පොලිස් නිළධාරින් එක් ව මෙම වැටලීම සිදු කර ඇත.


ඒ වන විටත් මෙම පිරිස බැකෝ යන්ත්‍රයක් මඟින් වසර 40-50 ක් පමණ පැරණි ගස් සහිත රජයේ රක්ෂිතය අඩි 18 ක් පමණ එළි කරමින් සිට ඇත.


මෙලෙස අත් අඩංගුවට පත් පුද්ගලයන් සහ බැකෝ යන්ත්‍රය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.