Header Ads

උණුසුම් පුවත්

කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවලට මාස 6ක සහන කාලයක්


අප්‍රේල් පළමුවනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත් වන දිනයේ සිට තවත් මාස 6 ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළා. එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර දමා තිබෙන අතර නැවත සියලු සේවාවන් ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.