Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේදී ඝාතනය කෙරේ


කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ව ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,  ඊයේ (09) උදෑසන 8.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඝාතනයට ලක්වු කාන්තාවගේ මෘත ශරීරය මෙරටට ගෙනැවිත් ඇති බවය.

එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වු මහව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එහිදී ඇයව පසුගිය අප්‍රේල් මස 13 වන දින කුවේට් රාජ්‍යයේ දී ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2019 වර්ෂයේ දී අදාළ කාන්තාව කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් තිබේ.