මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් -19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පනවා ඇති නිරෝධායන නීති පොදු ප්‍රවාහන සේවයේදී උල්ලංඝනය කරන්නන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.
ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ, ටැක්සි රථ සහ ත්‍රිරෝද රථ පොදු ප්‍රවාහනය දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග වෙත දැඩිව අනුගත විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.යම් හෙයකින් පොදු ප්‍රවාහනයේ දී ඔවුන්ට ලබාදී ඇති නිර්දේශ උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුම් අඛන්ඩව දියත් කිරීමටත් බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.