කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාව කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය ගැබිණි මවගේ දේහය, නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්. මෙම කාන්තාව නල දරු ක්‍රමය මගින් ගැබ් ගැනිමේ ප්‍රීතිය නිමිත්තෙන් අලුත් අවුරුදු දිනයේ ඇයගේ නිවසේ සාදයක් පවත්තා ඇති අතර ඊට බොහෝ පිරිසක් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පසු ඇය සේවා ස්ථානයට ගොස් සිටියදී ඇයගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.ඒ නිසා මෙම කාන්තාවටද පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයටද කොරෝනා ආසාදිත වී ඇති බවටයි.
පසුව ඇය මුල්ලේරියාව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙනහළු ආසාදනයට ලක් වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා එක්මෝ ප්‍රතිකාර දීම සඳහා ඉකුත් 29 වන දින කරාපිටිය රෝහලට මාරුකර තිබෙනවා. එලෙස එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවාද කුස තුලම මියයාම නිසා පෙරේදා මළ දරු උපතක් සිදු කළ ඇයද පසුව මියගොස් තිබෙනවා.