මෙරටින් ඊයේ (09) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2672 දෙනා අතරින් 755 ක් වූ වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර කැස්බෑවෙන් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිළියන්දලින් හඳුනාගත් ආසාදිතයින් 180 දෙනෙකු වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.
කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වූ 131 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 228 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් එකසිය අනූ දෙදෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.