Header Ads

උණුසුම් පුවත්

ඊයේ ආසාධිතයින් හදුනාගත් ප්‍රදේශ


අද (20) උදෑසන වන විට මෙරටින් කොවිඩ් -19 ආසාදිත පුද්ගලයින් 3,623ක් හඳුනාගෙන තිබූ අතර  ඉන් පුද්ගලයින් 32ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයින් වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

ඉතිරි පුද්ගලයින් 3,591 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ ආසාදිතයින් 761ක් ලෙසය.

මීට අමරතව කළුතරින් 493ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 275ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම නව ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.

දිස්ත්‍රික්ක 11ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා ඇති අතර ඉන් දිස්ත්‍රික්ක 07ක ආසාදිතයින් 200 ඉක්මවා ඊයේ දිනයේ වාර්තා වී ඇති බව සඳහන් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 265 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 233 දෙනෙකු ඊයේ වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාවේ යම් අඩුවක් ඊයේ පෙන්නුම් කර ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇත්තේ නම ආසාදිතයින් 218 දෙනෙකි.

යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 139 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 124 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 113 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 දෙනෙකු ලෙස ඊයේ නව ආසාදිතයින් වාර්තා වී තිබුණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ පානදුර දකුණ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 263කි.

දිවුලපිටිය, කඩවත, මාවතගම, වරකාපොළ, කටාන, මිනුවන්ගොඩ, අක්මීමන, ඇල්පිටිය, වැලිගම, අනුරාධපුරය, යාපනය, නෙල්ලිඅඩි සහ කිලිනොච්චි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී තිබුණි.