Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලන්කන් සහ බෝයිං ගුවන් සමාගම් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ


ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ ඇමරිකාවේ ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. කොළඹ දී අත්සන් කෙරුණු එම නව ගිවිසුම මගින් දෙපාර්ශවයටම ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් යානා උපාංග නඩත්තු කිරීම, පුහුණුව  සහ වෙනත් වාණිජ අවස්ථා සපුරා ගැනීමට හැකි වන බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කළේ. අදාළ ගිවිසුම අත්සන් කරීම  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ බෝයිං සමාගමේ විකුණුම් අධ්‍යක්ෂ වරයා විසින් සිදුකර තිබෙනවා.