දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඉදිරියේදී තවත් දැඩි වීමට ඉඩ ඇති බැවින් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබා දීමට පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
අද පැවති කොවිඩ් 19 කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ පවතින සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට සිදුවන බැවින් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි.
වසංගත තත්ව පාලනය සඳහා පනවා ඇති සංචරණ සීමා කාලය තුළ ජනතාව පීඩාවට පත් කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන කළු කඩ වෙළදුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.
එළඹෙන 31 වනදා සහ 04 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබුනද එය වෙනස් වීමට ඉඩ ඇති බවත් 04 වෙනිදායින් පසුවත් දින කිහිපයක් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබෙන නිසා ජනතාවගේ අවශ්‍යතා ගැටළුවකින් තොරව ලබාදීමට සූදානමින් සිටිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙහිදී ජංගම වෙළඳාම පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කරන වෙළෙන්දන්ට විරුද්ධව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමටද ජනතාවට හැකියාව තිබෙනවා.
ගම්වල ජීවත්වන රජයේ දීමනා නොලබන එදිනෙදා රැකියා කරන සහ අබාධිත පුද්ගලයන් වෙසෙන පවුල්වල නාම ලේඛනයක් සකසා ග්‍රාමීය කමිටු හරහා ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදෙන ලෙස ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.