Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩ කළ වැඩිම පුද්ගලයින් ඊයේ දිනය තුල අත්අඩංගුවට


ඊයේ දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 914 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ 2020 වසරේ මාර්තු මස 18 වන දා ශ්‍රී ලංකාව තුල සංචරණ සීමා පැනවීම ආරම්භ කිරීමෙන් පසු ගතවූ මාස 14ක කාලය තුල පැය 24ක් තුල නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාවට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා සදහන් කළා.