Header Ads

උණුසුම් පුවත්

සොරාගත් ත්‍රිරෝද රථ යලි විකිනීමේ ජාවාරමක් හෙලිවෙයි


ඊයේ (27)  දින දහවල්  රත්නපුර පොලිස් ස්ථානය නිලධාරීන් විසින් රත්නපුර පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මොවුන් විවිධ ප්‍රදේශවලින් ත්‍රී රෝද රථ සොරාගෙන වර්ණය, එන්ජින් අංක, වැසි අංක සහ ලියාපදිංචි සහතික වෙනස් කර විකිණීමේ ජාවාරමක යෙදෙන පුද්ගලයින් බවට අනාවරණය වී ඇත.

තවද මෙම සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත ව්‍යාජ ලිපි ලේඛන සකස් කර එන්ජින් අංක සහ වැසි අංක වෙනස් කර විකිණීමට සූදානම් කර තිබූ ත්‍රී රෝද රථ 08 ක් සමඟ තවත් පුද්ගලයෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ත්‍රීරෝද රථ සොරාගෙන විකිණීමේ ජාවාරමක යෙදෙන පුද්ගලයින් බවත්, මෙම සැකකරුවන් සන්තකයේ තිබු ව්‍යාජ ලිපි ලේඛන සාදා සකස් කර තිබූ ත්‍රී රෝද රථ 11 ක්, අංක තහඩු, සොරාගන්නා ලද ත්‍රීරෝද රථවල කොටස් පොලිස් භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා වයස අවුරුදු 23, 21, 27, 56 හා 47 ක් යන වයස්වල පසුවන කරංගොඩ, රත්නහංගමුව, කැටන්දොල, පැල්වාඩිය, ඇත්ඔය සහ රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිදුධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.