Header Ads

උණුසුම් පුවත්

විශ්‍රාම වැටුප් සහ දීමනා සදහා තැපැල් කාර්යාල විවෘත වෙයි


මැයි මස විශ්‍රාම වැටුප, ගොවි හා ධීවර විශ්‍රාම වැටුප, වැඩිහිටි දීමනා සහ මහජන ආධාර දීමනා නොගත් අය සඳහා එම මුදල් ලබාගැනීමට අද (28ද) සහ හෙට (29දා) තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තුමේන්තුවනිවේදනය කළා.

අද සහ හෙට පෙරවරු 9.30 සිට පස්වරු 2 දක්වා ඉහත සදහන් කළ කාර්යයන් ඉටුකරගැනීම සදහා පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.

සංචරණ සීමා පනවා තිබුණද දීමනා ලබාගැනීම වෙනුවෙන් පැමිණෙන ජනතාවට තමන්ගේ විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, ගොවි ධීවර විශ්‍රාම හැඳුනුම්පත, වැඩිහිටි හෝ මහජනාධාර ගෙවීම සදහා නිකුත් කර ඇති හැඳුනුම්පත අවසර පත්‍රයක් ලෙස භාවිත කර තැපැල් කාර්යාල වෙත පැමිණීමට අවසර දී තිබේ.

ප්‍රවාහන අපහසුතා හේතුවෙන් යම් කාර්යාලයක් විවෘත කර නොමැති අවස්ථාවක් වෙතොත් 1950 කෙටි දුරකථන අංකය වෙත අමතා තොරතුරු ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළා.