Header Ads

උණුසුම් පුවත්

ඖෂධසැල් සේවකයන් කොරෝනා එන්න ඉල්ලයි


ඖෂධසැල් වල පාරිභෝගිකයන් සමග ඍජුව කටයුතු කරන සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය ඉල්ලීමක් කරනවා. එහි සභාපති කපිල ද සොයිසා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ පවතින කොරෝනා ව්‍යාප්තියත් සමග ඖෂධ සැල් වල සේවකයන් දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.