වරාය අධිකාරී පනතට මුවා වී පරිසර අධ්‍යයන වාර්තාවක් පවා නොමැතිව චීනයකට සින්නක්කරව ලියා දී තිබූ කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස ගැසට් කිරීමටත්, එම ව්‍යාපෘතියට අදාලව පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමටත් එසේම මෙම භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට යහපාලන ආණ්ඩුවට හැකියාව ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
වරාය නගර විශේෂ ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.
යහපාලන ආණ්ඩුව විසින් රටේ භූමියක් බවට පත්කළ මෙම භූමිය නැවතත් චීනයට ලියා දී ශ්‍රී ලංකාව තුළ වෙනත් රටක් බිහිකිරීමට ආණ්ඩුව අද උත්සාහ ගනිමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මේ ආණ්ඩුව චීනය මත යැපෙන චීනං සරණං ගච්චාමි ආණ්ඩුවක් බවත්, චීනයේ සහාය නොමැතිව කිසිවක් කරකියා ගත නොහැකි රටක් බවට වත්මන් ආණ්ඩවු විසින් මේ රට පත් කරමින් සිටින බවයි නලින් බණ්ඩාර පවසන්නේ.