ඉන්දියාවේ තවදුරටත් පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර කොවැක්ස් එන්නත් වැඩසටහන සඳහා එන්නත් මාත්‍රා මිලියන 140 ක හිඟයක් ඇතිව තිබෙනවා.
කොවැක්ස් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 264,000 ක් ලැබී තිබුණා.
කොවැක්ස් වැඩසටහනේ විශාලතම තනි එන්නත් සැපයුම්කරු ඉන්දියාවේ සීරම් ආයතනයයි. මාර්තු මස එරට අපනයන අත්හිටුවීමත් සමග සීරම් ආයතනය පෙර සැලසුම් කර තිබූ එකඳු නැව්ගත කිරීමක් හෝ සිදු කර නැහැ.
කොවැක්ස් වැඩසටහන වෙනුවෙන් එන්නත් මිලදී ගෙන බෙදා හරිනු ලබන්නේ එක්සත් ජාතීන්ට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය විසිනි.
G7 සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් සතු එන්නත් මාත්‍රා, සෙසු රටවල් සමග බෙදා ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය එම රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියා. එහෙත් සීරම් ආයතනය, කොවැක්ස් වෙත සැපයීමට තිබූ එන්නත් බිලියන දෙකෙන් අඩක් පමණ මේ වසර තුළදී ලබා දීමට කටයුතු කර ඇතත් මාර්තු, අප්‍රේල් හෝ මැයි යන මාස සඳහා සැපයුම් ලබා දී නොමැති බව සදහන්.