Header Ads

උණුසුම් පුවත්

වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් - විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා


ඉදිරියේ දී කොවිඩ් අවධානම දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යා හැකි නිසාවෙන් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින බවත් එයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.