Header Ads

උණුසුම් පුවත්

වසංගත රෝග විද්‍යාඅංශයේ දත්ත නිවැරදි නෑ


වත්මන් කොව්ඩ් 19 තත්වය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ප්‍රවෘත්ති සාකච්චාවක් අද (21)  පැවැත්වූවා.  

එහිදී ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියේ රට තුල දැඩි සංචරන සීමා පැනවිය යුතු බවයි.

මීට පෙරද කොරෝනා වෛරස ව්‍යාප්ත වීම හරහා   රට තුළ ඇති විය හැකි බරපතල තත්වය පිළිබඳව තම සංගමය විසින් අදාළ අංශ දැනුවත් කළ බවත්  ඒ සඳහා අදාළ අංශ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සෘජුවම ජනාධිපති වරයා දැනුවත් කිරීම හරහා යම් යම් සංචරණ සීමා පණවා ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටියා. 

වසංගත රෝග විද්‍යායතන විසින් හරි ආකාරව නිවැරදි දත්ත හමුවේ රජය සහ අදාළ බළදාරීන් දැනුවත් නොකිරීම හරහා මෙරට තුළ දැඩි ලෙස කොරෝනා  වෛරස  ව්‍යාප්ත වීමට හේතුවී ඇති බවද,  එම හේතුවෙන් වසංගත රෝග විද්‍යායතනය ප්‍රතිව්‍යුහගත කල යුතු බව ද එම සංගමය දැඩිව ප්‍රකාශ කළා. 

එසේම ක්‍රියාත්මක වෙමින් පවතින එන්නත් කරණ ක්‍රියාවලිය හේතු කර ගනිමින් මෙරට මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල යන බවද එය නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් මෙරට රෝගය පැතිරීමේ වේගය පාලනය කර ගත හැකි බවද එම සංගමය තවදුරටත් ප්‍රකාශකර සිටියා. 

අද (21)  දිනයේදි කළුතර  දිස්ත්‍රික්කයේ සිට නියමාකාරයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බවද මේ සඳහා පිරිස් ⁣ස්වේච්චාවෙන් ඉදිරිපත් වීමට පියවර ගෙන ඇති බවද, රජය මගින්  සති දෙකක කාලයක් ලබා දෙන්නේ නම්  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කිරීමට අපේක්ෂාවෙන් සිටින වන බවද ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා. 

මාධ්‍ය හමුවට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය  සභාපති පද්මා ගුණරත්න මෙන්ම උපසභාපති  වෛද්‍ය චන්දික එපිටකඩුව එක්ව සිටියා.