Header Ads

උණුසුම් පුවත්

ආණ්ඩුව දේශීය ව්‍යාපාර විනාශ වන ආකාරයේ අප්‍රසන්න වගන්ති වරාය නගර පනත් කෙටුපතට ඇතුළත් කරලා


වත්මන් ආණ්ඩුව විසින් දේශීය ව්‍යාපාර විනාශ වන ආකාරයේ අප්‍රසන්න වගන්තියක් වරාය නගර පනත් කෙටුපතට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ සිල්වා පවසනවා.

ඔහු පවසන්නේ එම පනත්කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත්  එම පනත් පනත් කෙටුම්පත රටට තීරණාත්මකයි බවයි. 

ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

අදාළ වගන්තියෙහි සඳහන්  ආකාරයට වරාය නගරයේ ලියාපදිංචි වූ ව්‍යාපාරිකයෙකුට ලංකාවේ වෙනත් ඕනෑම පළාතක ව්‍යාපාරිකයෙකු සමග ඒකාබද්ධ වී ඒකාබද්ධ ව්‍යාපාරයක් රට තුළ ආරම්භ කර බදු සහන ලබාගැනීමට අවස්ථාව  හිමිවීම වනවා.

කෙසේවෙතත්  දේශීය ව්‍යාපාරිකයින්ට මෙම බදු සහන ලබන ව්‍යාපාර සමග දේශීයව පවා තරග කිරීමට නොහැකි වීම සහ  විදේශීය  ව්‍යාපාරිකයින්ට රටට බදු නොගෙවා රටේ සාරය පිටරට වලට රැගෙන යාමට අවස්ථාව මෙයින් සැලසෙන බවයි මන්ත්‍රි සඳහන් කළේ.