Header Ads

උණුසුම් පුවත්

තැපැලේ සේවකයන් 300 කොරෝනා, කොවිඩ් එන්නත තාම නෑ - ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර

 


    මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු රට පුරා තැපැල් කාර්යාල වල ලිපි   සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ  සිර වී ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා. රට පුරා තිබෙන තැපැල් කාර්‍යාල වල  සේවකයන් 300කට ආසන්න පිරිසක් කොරෝනා ආසාධිතයින් බවට පත්වීම පත් වීම මෙයට එක් හේතුවක් වන අතර එමෙන්ම තැපැල් දුම්රිය ඇතුළු  ලිපි සහ පාර්සල් බෙදාහැරීමේ ජාලයේ බිඳවැටීම්  හේතුවෙන්  මෙලෙස ලිපි හා පාර්සල් ගොඩගැසී  ඇති බවඒ මහතා වැඩිදුරටත් සදහන් කළා. 

එමෙන්ම තැපැල් සේවකයින් වෙත තවමත් කොවිඩ් එන්නත ලබා නොදීම  තුළ තැපැල් සේවකයින් ලිපි බෙදාහැරීම වැනි කටයුතු වලදි දැඩි අනාරක්ෂිත තත්වයකට මුහුණදී ඇති හෙයින් තැපැල් සේවකයින් සදහා කඩිනමින් එන්නත් ලබාදීම සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

තවදුරටත් දැක්වු අදහස්...