Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා කාලසීමාව තුල කිසිදු දුම්රියක් හෝ බස් රථ ධාවනය නොවේ


මැයි 28 වනදා දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුල කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ සීමා ලිහිල් කරන දිනයන්හි යම් සීමාවකට යටත්ව දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. 

මේ අතර, බස් රථ ධාවනය ද සංචරණ කාලසීමාවන් තුල සිදු නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ. 

එමෙන්ම අද (21) රාත්‍රි සිට 25 වැනිදා අලුයම දක්වා දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළා. 

යළිත් 25 වැනිදා රාත්‍රි සිට 28 වැනිදා අලුයම දක්වා ද සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවයි අමාත්‍යංශය පැවසුවේ. රට පුරා සංචරණ සීමා පැනවීම ඊට හේතුව බවයි අමාත්‍යංශය පැවසුවේ. 

කෙසේ වෙතත් 24 වැනිදා ආර්ථික මධ්‍යස්ථානවලට සිය නිෂ්පාදන රැගෙන ඒමට ගොවීන්ට අවස්ථාව ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. 25 වැනිදා උදෑසන සිට රාත්‍රිය දක්වා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇති.