කොවිඩ්19 වෛරසය පෙර පැවති තත්ත්වයට වඩා මෙවර අවදානම ඉහල බැවින් කම්හල් තුල ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ වන විටත් උපදෙස් ලබා දී ඇත.
පවතින අවදානම් තත්ත්වය මත වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් ලෙස සලකන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. මේ සදහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිරතුරුව ලබා දෙන බවටත් මාධ්‍ය නිවේදනයක් මගින් ඔහු පවසයි. උපරිම සේවක ආරක්ෂාවක් මැද රෝගය පැතිරීම අවම මට්ටමේ පවත්වාගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාවයි.
කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන info@boi.lk මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැක.
පවතින සංචරණ සීමා යටතේ වුවද සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සම්පාදනය කර ඇත.
දැඩි අවධානම් ප්‍රදේශවල පවතින කම්හල් සේවක සේවිකාවන් හට එන්නත් කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මේ වනවිටත් අදාල බළධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි සංජය මොහොට්ටාල මහතා පවසයි. ඒ අනුව නුදුරු දිනයකදී එම එන්නත් ලැබීමද සිදු වනු ඇත.




