Header Ads

උණුසුම් පුවත්

අම්පාරෙන් හමුවූ ඉන්දියාවේ කළු දිලීරය


ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීවීමේ අවධානමක් පවතින බවයි.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.