Header Ads

උණුසුම් පුවත්

21 වනදා සිට කටුනායක සහ මත්තල පැමිණීමේ පර්යන්ත වැසේ


21 වන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වන සඳුදා මධ්‍යම රාත්‍රිය දක්වා කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම කාලසීමාව තුලදී කිසිදු සංචාරකයෙකුට හෝ ගුවන් මගියෙකුට මෙරටට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ. කෙසේවෙතත් තවදුරටත් මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම සේවාවන් සැපයෙන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. මෙම කාලසීමාව තුලදීත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා සඳහා සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කළා. රට තුල සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමට මෙම පියවර ගෙන තිබෙනවා.